Wednesday, September 21, 2011

ගූගල් (ජීමේල්) එස්.එම්.එස්...??

ගුගල් කට්ටිය මේ සැරේ ලංකාවේ කට්ටියටම හරියන බඩුවක් හදලා...ඒ තමයි ගුගල් එස්.එම්.එස්..මේ සේවාව සුපුරුදු පරිදි ලබා දෙන්නේ නොමිලේ..මේ සේවාව ලබා ගන්න පුලුවන් ඔබගේ ජී මේල් ගිණුමෙන්..

අපි දැන් බලමු කොහොමද එස්.එම්.එස්. එකක් අරින්නේ කොහොමද කියලා..

මුලින්ම ජී මේල් වලට ලොග් වෙන්න..
1 වැනි ක්‍රමය 


ඔතන "Send SMS" කියලා තියෙන තැන නම්බර් එක ගහන්න..

ඊට පස්සේ ඔය තියෙන විදියට පුරවන්න..

ඊට පස්සේ එන්නේ ඔය විදියට.හැබයි ඕක තාවකලිකයි..ඒ කියන්නේ ඔය මැසෙජ් බොක්ස් එක කලොස් කරාම ඒක කන්ටැක්ස් වලින් අයින් වෙලා යනවා..


2 වැනි ක්‍රමය 


නැත්නම් ඔය විදියට කන්ටැක්ස් වලට ගිහිල්ලා නම්බර් එක දාන්න..


වැඩේ හරි නම් මේ විදියට පෙන්නනවා..


දැන් ඉතින් ඇති තරම් එස්.එම්.එස්. යවන්න..ආ තව දෙයක්,එස්.එම්.එස්. එක යැවුවාම මැසෙජ් එකට යටින් තමගෙ ඊ-මේල් ලිපිනය වැටෙනවා..

මේක ඇත්තටම ෆ්‍රී ද?
නෑ,ඔයගොල්ලො දකින්න ඇති මැසෙජ් 50 කියල වැටිල තියෙනවා,මේක මැසෙජ් එකකට එක ගානෙ අඩුවෙනවා.අනිත් පුද්ගලයා රිප්ලයි කරොත් තව මැසෙජ් 5ක් යවන්න පුලුවන්..උපරිම 50යි.ඒ කියන්නේ 48 තිබුනොත් 50 දක්වා විතරයි..

මම ටෙස්ට් කරලා බැලුවෙ මොබිටෙල් වල..අනිත් ඒවා වල වැඩ කරනවද දන්නේ නෑ.මට එත් රිප්ලයි කරාම යන ගාණ බලන්න බැරි උනා..

වැඩි විස්තර - http://www.google.com/mobile/sms/mail/

එහෙනම් මම ගියා.මම මේ පොස්ට් එක ගොඩක් මහන්සි වෙලා හැඩුවේ.කමන්ටුවක් වත් දාල යන්න..ආපහු බයිස්කොප් එකකුත් අරගෙන එන්න හිතාගෙන ඉන්නේ..එහෙනම් ආපහු හමුවෙමු.......

4 comments:

  1. මේ ක්‍රමය හොඳයි..මහන්සිවෙලා ලිපියක් හැදුවම ප්‍රතිචාර නෑ කියලා දුක්වෙන්න එපා..සාමාන්‍යයෙන් වැදගත් දෙයක් වෙනුවෙන් කමෙන්ට් වැටෙන්නේ 1% විතර..ඒ වගේම ඕනම බ්ලොග් එකක් බලන අයගෙන් කමෙන්ට් කරන්නේ 10% ක් විතරනේ..ඒක නිසා තව 90% ක් විතර බලනවා කියලා අමතක කරන්න එපා

    ReplyDelete
  2. ඩයලොග් වලත් වැඩ කරනවා. ඩයලොග් එකෙන් රිප්ලයි කලාම ශත 12 යනවා. මොබිටෙල් එකෙනුත් මේ මාසේ අන්තිම වෙනකං ශත 12 ගන්නවා. ඊට පස්සේ ඒක ශත 25 + බදු වෙනවා.

    ReplyDelete
  3. @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර ඔයාගේ කතාව මම පිලිගන්නවා.කමෙන්ටුවට ස්තූතියි..

    @Anonymous ස්තුතියි ගාණ කියුවට..

    ReplyDelete
  4. මමත් උත්සාහ කරල බලන්න ඕනෙ.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...

ShareThis